තුණ්ඩුවට එන්නත නොදුන් වෛද්‍යවරියට එරෙහිව නාගරික මන්ත‍්‍රී පොලිසියට පැමිණිලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

තුණ්ඩුවට එන්නත නොදුන් වෛද්‍යවරියට එරෙහිව නාගරික මන්ත‍්‍රී පොලිසියට පැමිණිලි කරයි

කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන ස්ථානය වෙනස් කළේ යැයි මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට එරෙහිව මොරටුව නාගරික මන්ත්‍රීවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාවලිය මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ජනතාව අපහසුතාවයට පත් කර ඇති බවයි.

පළමු එන්නත් මාත්‍රාව ලබා දුන් තැන වෙනස් කරමින් දෙවන මාත්‍රාව වෙනම ස්ථානයක ලබා දීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය කටයුතු කර තිබුණු බව මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් සදහන් කර ඇත.

මොරටුව පොලිසිය සදහන් කරන්නේ පැමිණිල්ලක් භාර ගැනීම තම රාජකාරි නිසා එය භාරගත් බවත් මේ සම්බන්ධයෙන් ඉහළ සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙස පැමිණිල්ල කළ මන්ත්‍රී වරයාට දැනුම් දුන් බවත් ය.

එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සතු කාර්යයක් බව ද පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.

මොරටුව නගරාධිපතිවරයා හා එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය අතර මත ගැටුමක් ඇති වූයේ ද මෙම පළමු එන්නත් මාත්‍රාව ලබා දීමට ගිය අවස්ථාවේදීය.


No comments:

Post a Comment

Post Bottom Ad