අසේල ගැන සජිත්ගෙන් පණිවුඩයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

අසේල ගැන සජිත්ගෙන් පණිවුඩයක් !

අත්අඩංගුවට ගනු ලැබූ බව කියන මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා හට නොමිලේ නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තබා තිබූ ට්විටර් පණිවුඩය මෙසේය.

සමාජ සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. දැන් පැවසෙන්නේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවය. ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට අප කැපවෙන අතර ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේම නීතිමය සහය ලබා දෙන්නෙමු.


No comments:

Post a Comment

Post Bottom Ad