මම කියන දේවල් තේරුම් ගන්න ටිකක් කල් යනවා... හෙට අනිද්දට තේරෙයි කියපු දේ - විජයදාස - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

මම කියන දේවල් තේරුම් ගන්න ටිකක් කල් යනවා... හෙට අනිද්දට තේරෙයි කියපු දේ - විජයදාස

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මුහුණ දීමට තිබෙන ප්‍රධානතම අභියෝගය පිළිබඳව අනතුරු ඇඟවීමක් ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් කරනවා. පොදුජන පෙරමුණ ආණ්ඩු පක්ෂයේම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රාජපක්ෂ මහතා මෙම අනතුරු ඇඟවීම කරන්නේ තමා කියන දේවල් රටේ ජනතාවටත් , දේශපාලනඥයන්ට තේරුම් ගැනීමට කාලයක් ගතවන බවද සඳහන් කරමින්.

අනතුරු ඇඟවීම ගණන් නොගැනීම

චීන කඳවුරට එරෙහිව ලොව බොහෝ කලාපවල බොහෝ රටවල් එක් වී පිහිටුවාගත් කඳවුරක් තිබෙන බව වර්තමාන රජය මෙන්ම පෙර පැවති රජයද අමතක කොට තිබීම ඉදිරියේදී බරපතළ පලවිපාක වලට මුහුණදීමට හේතුවක් වන බවයි රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

අපේ අසල්වැසි ඉන්දියාව , චීනය ආසන්නයේ පිහිටි ජපානය ,ඇමරිකාව සහ යුරෝපීය කලාපය හම්බන්තොට වරාය චීනයට දුන් දවසේ සිටම මෙරටට අනතුරු ඇඟ වූ බව පෙන්වාදෙන රාජපක්ෂ මහතා මේ කරන කටයුතු වලින් ශ්‍රී ලංකාව මහා විනාශයකට යන බවට වන පණිවිඩය එම අනතුරු ඇඟවීම හරහා දුන් බවයි සඳහන් කරන්නේ.

යුරෝපා සංගමයේ තීරණය

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දෙන GSP (යුරෝපා සංගමයේ වෙළඳ වරන සහන ක්‍රමය) තීරු බදු සහනය මේ වන විට තාවකාලිකව ඉවත් කර ගැනීම සහ ඉන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සලකා බලන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබෙන්නේ එදා කළ ඒ අනතුරු ඇඟවීම ගණන් නොගැනීමේ ප්‍රතිඵලයක් බවයි රාජපක්ෂ මහතාගේ අදහස වන්නේ.

විජේදාස රාජපක්ෂ මහතා තමා නියෝජනය කරන ආණ්ඩුව සමග කලක පටන් ගැටුම්කාරී තත්වයක් ඇති කරගෙන තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad