යහපාලනයට වඩා වේගයෙන් මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා.. ජනතාව අපට බනිනවා - බෙංගමුවේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

යහපාලනයට වඩා වේගයෙන් මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා.. ජනතාව අපට බනිනවා - බෙංගමුවේ හිමි

පවතින ආණ්ඩුව යහපාලනයට වඩා ඉක්මණින් ජනතා අප්‍රසාදයට ලක් වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ජනතාවගේ හදගැස්ම අඳුනන පිරිසක් යැයි මැතිවරණ වේදිකාවල කෑගසමින් බලයට පත්වුවත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ ඉතා කෙටි කලකින් විශාල වශයෙන් ජන අප්‍රසාදයට පත් වී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

දේශීය ආර්ථිකය නංවන්න ඉන්ධන මිල වැඩි කළ බව පැවසීම විහිලු කතාවක් දැයි පැවසූ එහිමියෝ එදාවේල හම්බ කරගත් ජනතාව උස්සා පොළොවේ ගැහුවා වගේ වැඩක් සිදුකර ඇතැයි ද සඳහන් කළහ.

එදා රුවන්වැලි සෑය ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපතිවරයා අද ඒවා අමතක කර දමා වැඩ කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

යහපාලන ආණ්ඩුව ගැන කලකිරීම නිසා වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුණු මහා සංඝරත්නයටත් අද මුනිවත රකින්නට සිදුවී ඇති බවත් මෙම ආණ්ඩුව පත් කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේලාගෙන් ජනතාව ප්‍රශ්න කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad