කැබිනට් මණ්ඩලයේ තුන් වතාවක් කතා කළා...නමුත් පොහොර හිගයට විසදුමක් හොයා ගන්න බැරි උනා... ගොවියන්ගෙන් සමාව ඉල්ලනවා - හින්ද අමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

කැබිනට් මණ්ඩලයේ තුන් වතාවක් කතා කළා...නමුත් පොහොර හිගයට විසදුමක් හොයා ගන්න බැරි උනා... ගොවියන්ගෙන් සමාව ඉල්ලනවා - හින්ද අමරවීර

පොහොර හිගයට මුහුණ දී සිටින ගොවියන්ගෙන් තමන් සමාව ඉල්ලන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රජය රසායනික පොහොර ආනයනය නතර කළේ, යළ කන්නයට ප‍්‍රමාණවත් තරමට පොහොර තිබෙන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම් දුන් නිසා බව පවසන අමාත්‍යවරයා, ඒ නමුත්, යල කන්නයේ දී ද යම් පිරිසක් පොහොර හිගයට මුහුණ දී සිටින බව පවසයි.

පොහොර හිගයට මුහුන දී සිටින ගොවියන් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ දී තුන් වතාවක් කළ නමුත්, තවමත් විසදුමක් ලබා දීමට නොහැකි වූ ගොවියන් පිරිසක් සිටින බවත්, තමන් එම ගොවියන්ගෙන් සමාව අයදින බවත් අමාත්‍යවරයා පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad