පාරේ අඩුපාඩු පෙන්නූ විරෝධතාකරුවන්ට රිදීමාලියැද්ද පොහොට්ටු සභාපතිගෙන් මැර ප්‍රහාරයක් ! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

පාරේ අඩුපාඩු පෙන්නූ විරෝධතාකරුවන්ට රිදීමාලියැද්ද පොහොට්ටු සභාපතිගෙන් මැර ප්‍රහාරයක් ! (VIDEO)

රිදීමාලියැද්ද - වීරගොල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේදී බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බව පෙන්වාදෙමින් නිහඬ විරෝධතාවක නිරත වූ ප්‍රදේශවාසීන් පිරිසකට රිදීමාලියැද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර ඇතුළු මැර පිරිසක් විසින් දරුණු ලෙස පහරදී ඇති බව වාර්තා වේ. 

මෙම ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බව පෙන්වා දෙමින් ප්‍රදේශවාසීන් විසින් ඊයේ (27) මෙම විරෝධතාව පැවැත්වූ අතර ඊට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ද එක්ව සිටියේය. 

ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු මැර කණ්ඩායම එතැනට කඩාවැදී අසභ්‍ය වචනයෙන් බැන වදිමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු ගම්වාසීන්ට අමානුෂික ලෙස පහරදෙන ආකාරය මාධ්‍ය මෙසේ වාර්තා කර තිබිණි. 


No comments:

Post a Comment

Post Bottom Ad