දරුවෝ ලොස් ඇන්ජලීස් ඉන්න මිනිස්සුන්ට අපේ දරුවෝ විදින දුක තේරෙන්නේ නෑ – චම්පික රණවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

දරුවෝ ලොස් ඇන්ජලීස් ඉන්න මිනිස්සුන්ට අපේ දරුවෝ විදින දුක තේරෙන්නේ නෑ – චම්පික රණවක

සිය දරුවන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල සිටින පාලකයින්ට මේ රටේ දරුවන්ට අධ්‍යාපනික වශයෙන් අත්වී ඇති ඉරණම සම්බන්ධයෙන් හැඟීමක් නැති බව පා.ම පාඨලී චම්පික රනවක මහතා ප්‍රකාශ කලා. ඒ අද උදෑසන කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී.

“අපිට දරුවෝ ඉන්නවෙනේ. මගෙ එක දරුවෙක් විශ්ව විද්‍යාලයේ ඉන්නවා. අනික් දරුවා උසස් පෙළ ලියලා විශ්ව විද්‍යාලයේ යන්න බැරුව ඉන්නවා. මේ රටේ තව දරුවෝ දහස් ගාණක් ගෙවල් වල ඉන්නවා. දරුවෝ ඉන්න අම්මලා තාත්තලා දන්නවා මොකක්ද වෙමින් තියෙන්නේ කියලා. ජාතිය ඇමතීමේ කතාව විනාඩි 69 හැම නාලිකාවකම ගෙනිච්චනේ. ඇයි එතුමට බැරි රටේ හතලිස් දෙලක්ෂයක් පාසල් දරුවො වෙනුවෙන් මේ රූපවාහිනී නාලිකා වල උදේ පාන්දර පහේ ඉදලා දහය වෙනකන් රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපකරන්න? මේ සංඛ්‍යාත අයිති රටට. එහෙම කලා නම් ගස් උඩ ඉදන් ගල් උඩ ඉදන් දරුවො දුක් විදින්න ඕන නෑනේ. ස්මාර්ට් ෆෝන් එකක් නැත්නම්, ඩේටා නැත්නම්, සිග්නල් නැත්නම් දරුවන්ට අධ්‍යාපනය නෑනේ. මේ සෙල්ලමට අවුරුදු එකහමාරට වැඩියි. මම ගමකින් ආපු මනුස්සයෙක්. මගෙ සීයා ගොවියෙක්. තාත්තා ලිපිකරුවෙක්. ඒ කාලේ රාජපක්ෂලගේ මේ ප්‍රතිපත්තිය තිබ්බ නම් මට ඉංජිනේරුවෙක් වෙන්න බැහැ”


No comments:

Post a Comment

Post Bottom Ad