ජොන්ස්ටන් ගෙන් මරු යෝජනාවක්: රාජ්‍ය සේවකයන්ට දෙන්න ඕන "කාක්කා මරා තට්ට එල්ලීමේ" න්‍යායෙන් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 30, 2021

ජොන්ස්ටන් ගෙන් මරු යෝජනාවක්: රාජ්‍ය සේවකයන්ට දෙන්න ඕන "කාක්කා මරා තට්ට එල්ලීමේ" න්‍යායෙන් - (video)

ආණ්ඩුවේ වැඩ අනුමත නොකරන රාජ්‍ය ආයතනවල සේවකයන් උදෙසා අනාගතයේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා යෝජනා කරනවා.

අපි හොඳ වැඩියි

රජය වැඩක් කරගෙන යද්දි සියලුම අමාත්‍යාංශ ඒකත් සමග සිටගත යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඇතැම් රාජ්‍ය ආයතන රජයේ තීන්දුවලට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා හා වත්මන් ආණ්ඩුව හොඳ වැඩි බැවින් බවයි සදහන් කරන්නේ.

එවන් රාජ්‍ය සේවකයන්ට කාක්කෙක් මරා කට්ට එල්ලන ආකාරයේ දඬුවමක් යුතු බවයි අමාත්‍යවරයා යෝජනා කරන්නේ.

අනුන්ගේ ලෙඩේ තමන්ගේ කරේ දාගැනීම

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ චමල් රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 20 වැනි දින චීන සමාගමක් විසින් ඇරැඹූ තිස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවන බව දන්වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය තහනම් කිරීම හෙළා දකිමින්.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද ආණ්ඩුවේම කොටසක් බැවින් එම දෙපාර්තමේන්තුව තිස්ස වැව සම්බන්ධයෙන් ගත් තීරණයෙන් පෙනී යන්නේ ආණ්ඩුව තුළ ආණ්ඩු දෙකක් ක්‍රියාත්මක වන බවයි.

ආණ්ඩුව තුළ ආණ්ඩු දෙකක් බැහැ

එසේ ආණ්ඩු දෙකක් තිබිය නොහැකි බවයි අමාත්‍යවරයාගේ මතය වන්නේ.

වයඹ මහ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රගතිය සොයා බැලීම සම්බන්ධයෙන් පැවති ජනතා හමුවකදීයි අමාත්‍යවරයා ආණ්ඩුවට අවනත නොවන රාජ්‍ය සේවකයාට දිය යුතු මෙම දඬුවම යෝජනා කරන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad