අසේල සම්පත් මරණයේ අත්දැකීම් ගැන කියයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 26, 2021

අසේල සම්පත් මරණයේ අත්දැකීම් ගැන කියයි - (video)

ඊයේ (25) දිනයේ අත්අඩංගුවට පත් සමස්ත ලංකා ආපනශාලා හිමිකරුන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ව අද (26) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප 2ක් මත නිදහස් කර තිබෙනවා.

නඩු කටයුත්තෙන් පසුව මාධ්‍ය අසේල සම්පත් මාධ්‍ය ඉදිරියට පැමිණියේ සරමක් ද අතැතිවයි. එහිදී ඔහු කියා සිටියේ මෙවන් කතාවක්,

“ජීවිතේ පළවෙනි වතාවට මරණයේ සෙවැනිළි අත්දැකීම් මං ඊයේ ලැබුවා. වගකීම් සහිතව කියන්නේ..ඒ සම්බන්ධව CCTV දර්ශන මගේ ගෙදරට අල්ලපු ගෙදර තියෙනවා. මගේ මේ කට වහලා.. මේ කට තද කරගෙන මගේ ලොකු පුතා දැක්කා.. මං ගෙදර ඉද්දී මාව අත්අඩංගුවට ගත්තේ.. මං වැරැදි කරලා නැහැ.. මම ගෙදරින් පැනලා යන මිනිහෙක් නෙමෙයි.. ආපු නිලධාරීන් යුනිෆෝම් නැතුව, ආපු කාරණය නොකියා මාව ඇදලා අරගෙන දහ දෙනෙකුට වැඩි පිරිසක් ඇවිල්ලා.. මේ තියෙන්නේ මගේ අතේ තුවාල..මේ මසල්ස් හොල්ලන්න බෑ.. මේ තියෙන්නේ මං ඇඳන් හිටපු සරම.. මේ සරම පිටින් මාව අරන් ආවේ මේ කොළඹටම.. ඇගේ එක වස්ත්‍රයක් නැහැ.. මාව මරන්න හැදුවා..මගේ දරුවෝ මගේ නීතිඥ මහත්තරු සමාජ මාධ්‍යජාලාවල සියලු දෙනා නිසා තමා මගේ ජිවිතය තියෙන්නේ.. නැත්නම් මං අද සොරි ඩොට් කොම්. ඇත්ත කතාව..”

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරණයක් සිදුකළ බවට ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් අනුව අසේල සම්පත් ඊයේ (25) දිනයේ දී එම දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වූ අසේල සම්පත්,


No comments:

Post a Comment

Post Bottom Ad