15 හැවිරිදි දැරිය අපයෝජනයට මගේ කිසිම සම්බන්ධයක් නෑ. චරිතය ඝාතනය කරන්න එපා - කොටුවේ පොඩි සාදු (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 12, 2021

15 හැවිරිදි දැරිය අපයෝජනයට මගේ කිසිම සම්බන්ධයක් නෑ. චරිතය ඝාතනය කරන්න එපා - කොටුවේ පොඩි සාදු (video)

15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට තමන්ගේ කිසිදු අදාළත්වයක් නොමැති බවත් එවැනි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගෙනගිය පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අත්තරගම පඤ්ඤාලෝක හිමි හෙවන් කොටුවේ පොඩි හාමුදුරුවන් පවසයි. 

"මම කවදාවත් මේ ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා නෑ. දැන් මට අවුරුදු 50ට ළඟයි. හැබැයි අද මට යන්න වුණා එක පේජ් එකක්, පිටරට ඉන්න අය සහ ලංකාවෙ ඉන්න අය මේක හැමදාම එක එක හාමුදුරුගොල්ලන්ට හරියට චරිත ඝාතනය කරනවා. ඉතිං මේ දවස්වල ඊයෙ පෙරේදා ඉඳන් යනවා අවුරුදු 15ක ගෑණු ළමයා දූෂණය කරපු එකේ ප්‍රධාන හාමුදුරුවො මම කියලා. මට දායකයො පන්සල් ඔක්කොම පැත්තකට දාන්න, මටත් පරම්පරාවක් ඉන්නවා, නෑයො ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙ ආත්ම ගරුත්වය රකින්න ඕනෙ.

ඉතිං අද උදේ ගෝඨාභය සර්ට අඬනවා, මාව බේරාගන්න කියනවා, පොලිස්පතිතුමාට තෙන්නකෝන් මැතිතුමාට පගාව දෙනවා, සීඅයිඩී ලොක්කන්ට පගාව දෙනවා කියනවා. ඉතිං මම අද ලෝකෙටම පෙන්නුවා මෙන්න සීඅයිඩී ඔෆිස් එක. මම එතෙන්ට ආවා. ලොකු මහත්තුරු ඔක්කොම හම්බුණා. මගෙ අදාළත්වයක් නෑ. මම එළියට ආවා. හැබැයි මේ තියන ලියුම් කියුං මේ ඔක්කොම අද බාරදුන්නා මොකද මේවාට පියවර ගන්න ඕනෙ.

මේ සමාජ මාධ්‍ය ජාලය නියාමනය කරනවාට තරහාම එක්කෙනා මං, ඒවාට නිදහස තියෙන්න ඕනෙ. හැබැයි ඒ නිදහස තිබුණා කියලා කාගෙවත් ජීවිතවලට හානි කරන්න බෑ. මේකෙ සිද්ධියෙ හාමුදුරු නමක් ඉන්නවා, ඒ හාමුදුරුවො අත් අඩංගුවට අරන් තියෙනවා. ඒ ක්‍රියාවලියක් යනවා. ඔය ඔක්කොටම කලින් මම හෙව්වෙ කවුද හාමුදුරුවො කියලා. මොකද රටේ අපි වැඩකරන හාමුදුරුගොල්ලො. ඒනිසා ගෝඨාභය ස'ට ඕනෙ නම් ගෝඨාභය ස'ට ගහන්න. පොලිස්පතිට ඕනෙ නම් පොලිස්පතිට ගහන්න. තෙන්නකෝන් ස'ට ඕනෙ නම් තෙන්නකෝන් ස'ට ගහන්න. හැබැයි හරි දේට ගහන්න. කොටුවෙ හාමුදුරුවොන්ට ගහනවා නම් හරි දේට ගහන්න කියන ගමන් මතක තියාගන්න අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන ඒ පේජ් වලට දඬුවම් දෙනකල් මං මෙතන ඉන්නවා. මොකද භික්ෂුන් වහන්සේ නමක්, මං වකුගඩුවක් දන් දීපු හාමුදුරු නමක්, මට අවුරුදු පනහක් වෙනවා, මං මේ දේ මට වෙච්ච දේට ගොඩාක් දුක් වෙනවා. වැරදි කරන හාමුදුරුගොල්ලො ඇති, හැබැයි ඒකට මාව අදාළ නෑ" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

අත්තරගම පඤ්ඤාලෝක හිමි හෙවන් කොටුවේ පොඩි හාමුදුරුවන් මේ බව පැවසුවේ ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad