හාල් ගන්න කඩේට ගියාම හැම මනුස්සයෙක්ම ජනපතිටයි ආණ්ඩුවටයි බනිනවා - ඇමති බන්ධුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 12, 2021

හාල් ගන්න කඩේට ගියාම හැම මනුස්සයෙක්ම ජනපතිටයි ආණ්ඩුවටයි බනිනවා - ඇමති බන්ධුල

අවශ්‍ය නීති සංශෝධනය කිරීමෙන් අනතුරුව ඉදිරි කන්නයේ සිට වසර තුනක් දක්වා කාලයකට නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 100කට අඩු මිලකට ලබාදීමේ වගකීම තමන් භාරගන්නා බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. 

"හැම මනුස්සයෙක්ම කඩේට ගිහිල්ලා ජනාධිපතිතුමාට ආණ්ඩුවට බනිනවා. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරලා අතිරික්තවල් ගොඩගහගෙන ඉඳලා සාමාන්‍ය මනුස්සයාගේ ප්‍රධාන ආහාරයේ මිල මෙලෙසින් ඉහළ නංවන්න තවදුරටත් ඉඩදෙන්න බෑ.

ඒනිසා අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් කෘෂිකර්ම ඇමතිතුමාත් අපිත් එකතුවෙලා ලබන කන්නයේ මේ අවශ්‍ය නීති රීති වෙනස් කරගත්තායින් පස්සේ අපි නාඩු සහ කැකුළු සහල් අවුරුදු තුනක් කාල පරිච්ඡේදය පුරාවටම රුපියල් 100ට වඩා අඩුවෙන් ලබාදීමේ වගකීම ඉෂ්ඨ කරනවායි කියන එක මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කවුරුහරි කෙනෙක් තමන් ලාබ ලැබීමේ අරමුණ ඇතුව මේ අමාරු අවස්ථාවේ වී තොග රැස් කරලා ලාබ ලබන්න හිතාන ඉන්නවා නම් ඒ අදහස අත්හරින්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (12) මොණරාගල සතොස ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad