සල්ලි අච්චු ගහන්න අපට මහජනතාවගේ අනුමැතිය ලැබිලායි තියෙන්නේ. විෂය නොදන්නා අයයි දොස් කියන්නේ - වසන්ත - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 1, 2021

සල්ලි අච්චු ගහන්න අපට මහජනතාවගේ අනුමැතිය ලැබිලායි තියෙන්නේ. විෂය නොදන්නා අයයි දොස් කියන්නේ - වසන්ත

මුදල් අච්චු ගැසීම සඳහා වත්මන් රජයට පාර්ලිමේන්තුවේ බහුතරය හරහා මහජනතාවගේ අනුමැතිය ලැබී ඇති බවත් ඊට පරිබාහිරව විවේචනාත්මක ප්‍රකාශ නිකුත් කරන්නේ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නොමැති අය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයකු ද වන වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි. 

ප්‍රශ්නය - ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මුදල් අච්චු ගැසීම සාර්ථක පියවරක්ද ?

"පාර්ලිමේන්තුවෙදි ඒ සඳහා බහුතර ඡන්දයකින් අනුමැතිය ලබාදුන්නා මේ වසරට අදාළව ඒ මුදල් නිකුත් කිරීමට අදාළව අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ නිසා භාණ්ඩාගාර බිල්පත් වැනි දෑ නිකුත් කිරීම හරහා තමයි මේ මුදල් මුද්‍රණය කිරීම සිද්ධ වෙන්නෙ. ඒ නිසා මහජන අනුමැතියත් පාර්ලිමේන්තුව හරහා ලැබිලා තියෙනවා මුදල් නිකුත් කිරීම සඳහා. ඊට පරිබාහිරව කවුරුහරි හන්දියක ඉඳගෙන කඩපිලක ඉඳගෙන නාන තොටුපලක ඉඳගෙන කල්පනා කරනවා නම් රජයකට හිතුමතේ මුදල් නිකුත් කරන්න පුළුවන් කියලා, මේ විෂය පිළිබඳවත් ප්‍රාමාණික අවබෝධයකින් තොරවයි එහෙම කියන්නෙ. ඒ න්සා රජයකට වගකීම් විරහිතව එහෙම මුදල් නිකුත් කිරීමේ හැකියාවක් හෝ බලයක් ඇත්තේ නැහැ"

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (01) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad