අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ගෙන එන විශේෂ විධිවිධාන පනත දේශද්‍රෝහී ක‍්‍රියාවක් – ඕමල්පේ සෝභිත හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 1, 2021

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ගෙන එන විශේෂ විධිවිධාන පනත දේශද්‍රෝහී ක‍්‍රියාවක් – ඕමල්පේ සෝභිත හිමි

රටේ නඩු විමසීම සූම් තාක්‍ෂණය ඔස්සේ සිදුකිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ගෙන එන විශේෂ විධිවිධාන පනත දේශද්‍රෝහී ක‍්‍රියාවක් බව රට දැනගත යුතුව ඇතැයි රාමඤ්ඥ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (01දා) පැවැසුහ.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ  ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ අධිකරණ ඇමතිවරයාගේ මේ දේශද්‍රෝහී ක‍්‍රියාව සම්බන්‍ධයෙන් අදාළ බලධාරීන් වහා ක‍්‍රියාත්මක වියයුතු බවයි.

සූම් තාක්‍ෂණය යනු මේ රටේද භාවිතයට ගන්නා දුරස්ථව අධ්‍යාපන කටයුතු සහ සම්මන්ත‍්‍රණ ආදිය පැවැත්වීමට යොදාගන්නා තාක්‍ෂණික විදියක් බවයි. සූම් යනු ඇමරිකාවේ ක‍්‍රියාත්මක වන පෞද්ගලික සමාගමක් බවයි. එමගින් සිදුකරන සෑම දෙයක්ම ඒ ආයතනයේ වාර්තාවන සහ ගබඩාවන බවද උන්වහන්සේ කීහ.

රාජ්‍ය සහ රටවැසියාගේ පුදගලික රහස් එකතුවී ඇති සංචිතය අධිකරණය බව ද සෝභිත හිමියෝ කීහ. යුද අපරාධ, මානව හිමිකම් සහ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු සියල්ල අධිකරණයේ විවෘත වන බව ද උන් වහන්සේ කීහ. විදේශීය නීතීඥවරයෙකුට විශේෂ අවසරයකින් තොරව අධිකරණයට ඇතුලූවීම තහනම් බවද උන්වහන්සේ කීහ. සූම් තාක්‍ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සිදුවන විට ඒ තොරතුරු ලෝකයට ම යන වේදිකාවක් බවට පත්වන බවද සෝභිත හිමියෝ කීහ.

ඒ නිසා මේ ක‍්‍රියාව අපේ රටේ රාජ්‍ය රහස් සොරාගැනීමට උත්සාහගන්නා ත‍්‍රස්තවාදී සහ රටට විනකරන විවිධ පාර්ශවයන්ට විශාල හැකියාවක් ලැබෙන බවද උන්වහන්සේ කීහ. එය ජාත්‍යන්තර ඔත්තු සේවාවල උවමනාවන් ඉටුකිරිමක් බව ඉතාම පැහැදිලියැයි ද කීහ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ ගැන නොදන්නේදැයි ප‍්‍රශ්න කළ සෝභිත හිමියන් රටට ආදරය කරන කිසිවෙක් මේ විශේෂ විධිවිධාන පනත ගෙන ඒමට ඉඩ නොතැබිය යුතුයැයි ද අවධාරණය කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad