ගම්මන්පිලට එරෙහිි නොවන්නයි එජාප ජ්‍යේෂ්ඨයෝ රනිල්ට කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 12, 2021

ගම්මන්පිලට එරෙහිි නොවන්නයි එජාප ජ්‍යේෂ්ඨයෝ රනිල්ට කියති

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු විසින්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡුන්දය ලබා නොදෙන ලෙස, එජාප ජ්‍යේෂ්ඨයන්, පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් සිදු වන්නේ, ආණ්ඩුව තුළ තිබෙන බෙදීම් සමනය වීම පමණක් බවයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ.

ඒ අනුව, විශ්වාසභංගයක් ගෙන එනවානම් ගෙන ආ යුත්තේ එක් තනි ඇමතිවරයෙකුට එරෙහිව නොව, සමස්ත ආණ්ඩුවටම එරෙහිව බවද ඔවුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැති බව පැවසේ.

ඬේලි මිරර් ඇසුරෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad