දැරිය ගද නිසා දුෂණය නොකල බව කියු වෛද්‍යවරයා ගැන හෙලිදරවුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 12, 2021

දැරිය ගද නිසා දුෂණය නොකල බව කියු වෛද්‍යවරයා ගැන හෙලිදරවුවක්

ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විිද්‍යාතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන අපි තරයේ හෙලා දකිනු ලබන්නෙමු.

මෙම අපරාධයට සම්බන්ධ වු සියලුම දෙනාට නිසි අයුරින් නීතිය කි‍්‍රයාත්මක විය යුුතුුු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

උක්ත කි‍්‍රයාවට අදාලව චෝදනා ලබා සිටින වෛද්‍යවරයා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මාධ්‍ය මගින් කරන ලද වගකීම් විරහිත ප‍්‍රකාශය පිළිබඳව අපගේ අප‍්‍රසාදය පල කරන අතර මෙම චෝදනාව ලබන අවස්ථාව වන විට ඔහු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සඳහා පුහුණුව ලබන අවධිියේ පසු වු අතර හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් සම්පූර්ණ කර නොතිබුණ බව දන්වා සිටිමු.

තවද හෘද රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය වෛද්‍ය විද්‍යා සාරධර්ම සහ මානුෂිය ගුණ ධර්ම සුරැකීම ඉතා ඉහලින් අගයන විද්වත් සංගමයක් වන අතර එවැන්නකට පටහැනි වු කි‍්‍රයාවක් කුමන මට්ටමකදී වුවද අනුමත නොකරන බවද ප‍්‍රුකාශ කර සිටිමු.

වෛද්‍ය අනිදු පතිරණ
සභාපති
ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය

No comments:

Post a Comment

Post Bottom Ad