බැසිල් ආවාට ප‍්‍රශ්ණ විසදෙන්නේ නෑ.. ඔහුත් හිටියේ ආණ්ඩුවේම තමයි.. ඇමතිවරු අද රබර් සීල් කරලා - දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 1, 2021

බැසිල් ආවාට ප‍්‍රශ්ණ විසදෙන්නේ නෑ.. ඔහුත් හිටියේ ආණ්ඩුවේම තමයි.. ඇමතිවරු අද රබර් සීල් කරලා - දයාසිරි

වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රට තුළ පවතින අර්බුදය තේරුම් නොගෙන ඇමතිකම් බෙදාගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කවුරු පාර්ලිමේන්තු ආවත් කවුරු ඇමති වුණත් ප්‍රශ්න එසේම තිබෙන බව කී දයාසිරි ජයසේකර මහතා බැසිල් රාජපක්‍ෂ මහතා ඇමතිවරයකු නොවුවත් පසුගිය කාලයේ ඇමතිවරයකුට වඩා බලතල තිබූ නායකයෙක් බවට පත්වී සිටි බව කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

ඔහු පාර්ලිමේන්තුවට ඒම ප්‍රශ්නයක් නොවන නමුත් ඔහු ආවා කියා ගැටලු විසඳෙන්නේ නැතැයි ද ජයසේකර මහතා පැවසීය.

වර්තමානයේ පවතින ප්‍රශ්න ඇතිවුයේ බැසිල් රාජපක්‍ෂ මහතාත් සිටි ආණ්ඩුවක් තුළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රබර් මුද්‍රා බවට පත්ව ඇති බවත් කැබිනට් ඇමතිවරුන්ටත් ඒ තත්වය උද්ගත වී ඇති බවත් ප්‍රකාශ කළේය.

රට තුළ පවතින ක්‍රමයේ ගැටලුවක් තිබෙන බව කී ජයසේකර මහතා එම තත්වය නිවැරදිව කළ යුතු බව ද පැවසීය.

– lankadeepa


No comments:

Post a Comment

Post Bottom Ad