බැසිල් ආ පසු ඉන්ධන මිල අඩු කරන බවක් අපි කීවේ නෑ - සාගර කාරියවසම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 13, 2021

බැසිල් ආ පසු ඉන්ධන මිල අඩු කරන බවක් අපි කීවේ නෑ - සාගර කාරියවසම්

ඉන්ධන මිල අඩු කළ හැකි වූ විගසම එය අඩු කරන කරනු ඇතැයි විශ්වාසය තබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා පැමිණි විගස ඉන්ධන මිල අඩු කරන බවක් තමා හෝ තම පක්ෂයේ කිසිවකු සඳහන් නොකළ බවයි.

උදය ගම්මන්පිල මහතාට තමන් විසින් නිකුුත් කරන ලද නිවේදනයක සඳහන්ව තිබුණේ ඉන්ධන මිල වැඩි කිරීම වැරදි බව නොව ඉන්ධන මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයක රට පත් කිරීම යනුවෙන් බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad