කොරෝනා ආසාදනයවීමෙන් සෑම පැයකටම මරණ 05ක් - වහාම රට වසා දමන්නැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදය කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

කොරෝනා ආසාදනයවීමෙන් සෑම පැයකටම මරණ 05ක් - වහාම රට වසා දමන්නැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදය කියයි

සෑම පැයකටම මරණ 05ක්
වහාම රට වසා දමන්නැයි කියයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදය ලෙස ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාපතින් හේතුවෙන් දිනෙන් දින අතිශය භයානක තත්වයක් කරා ගමන් කරන අප රට වහා වසා දැමීම කළ යුතු බව දිගින් දිගටම ප්‍රකාශ කර ඇත. 

අද වන විට සෑම පැයකටම වරක් මිනිස් ජීවිත පහක් මෙම කොරෝනා ව්‍යසනය විසින් බිලිගන්නා තත්වය තුල ඉතාමත් දැඩි තීරණ ගෙන මෙම තත්වය පාලනය නොකළහොත් ඉදිරියේ තත්වය අතිශය භයානක වේ.
ආර්ථිකයේ නාමයෙන් රට වසා දැමීමේ තීරණය ගැනීම ප්‍රමාද කරන සෑම දිනකම ඩෙල්ටා ප්‍රභේදය සිග්‍ර ලෙස ‘රට පුරා ව්‍යාප්ත වෙමින් රටේ රෝහල් පද්ධතිය තව තවත් දරුණු ලෙස බිඳ දමනු ඇත. එසේම ඩෙල්ටා ප්‍රභේය විශාල ලෙස පැතිරීම හේතුවෙන් එහි තව තවත් විකෘති ඇතිවීමේ පුවතතාවය ද වැඩිවන බව විශේෂඥයන් මත පල කර ඇත. 

එබැවින් තව තවත් නව විකෘති ප්‍රභේද බිහිවීමට අවශ්‍ය පරිසරය රට තුල ඇති කර කොවිඩ් වසංගතය අර්බුධයෙන් අර්බුධයට ගමන් කිරීමට ඉඩ සැලසීමේ වගකීම තීරණ ගැනීම ප්‍රමාද කරන සියල්ලන් භාර ගත යුතුය.

අද වනවිට රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය සීග්‍ර ලෙස වැඩිවීම තුල අප රටේ නිශ්පාදනය කරන ඔක්සිජන් වල උපරිම ධාරිතාවයට ලඟාවී ඇති බව වාර්තාවේ. එම නිසා ඔක්සිජන් ආනයනය කිරීමේ අවශ්‍යතාවය මතුවීම ආර්ථිකයට අමතර බරක් වනු ඇත.

අද අප මුහුණ දී ඇති මෙම ගෝලිය වසංගත තත්වයට මුහුණ දීමේ දී ලෝකයේ අනෙක් රටවල් භාවිතා කරන උපාය මාර්ග පිලිබඳව විවෘත මනසකින් බැලීම අත්‍යවශ්‍ය වේ.

 වසංගත වේදී හා ප්‍රජා වෛද්‍ය අංශයන්ගේ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවට විද්‍යාත්මක නොවන කරුණු කාරනා මතු කිරීම මඟින් මෙම තත්වය තවත් ව්‍යාකූල වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස දැඩිව ප්‍රකාශ කරමු.

වෛද්‍ය කමල් ඒ. පෙරේරා
ලේකම්
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය

No comments:

Post a Comment

Post Bottom Ad