ගම්මන්පිලගේ 19දා පාටිය දින නියමයක් නැතිව කල් යයි - මන්ත්‍රීවරුන්ට යැවූ වට්ස්ඇප් මැසේජ් එක මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

ගම්මන්පිලගේ 19දා පාටිය දින නියමයක් නැතිව කල් යයි - මන්ත්‍රීවරුන්ට යැවූ වට්ස්ඇප් මැසේජ් එක මෙන්න

ලබන 19 වැනිදාට තලවතුගොඩ ‌ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහය දින නියමයකින් තොරව කල් දැමීමට ඒ මහතා පියවර ‌ගෙන ඇත.

පළමුව මෙම සාදය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් 05 වැනිදාය.

නමුත් අමාත්‍යවරයා නිරෝධායනය වීම හේතුකොටගෙන මෙම සාදය 19 වැනිදාට කල් තැබීමට හෙතෙම පියවර ගෙන තිබිණ.

තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් මෙම සාදය පැවැත්වීමට අමාත්‍යවරයා සැලසුම් කර තිබිණ.

අමාත්‍යවරයා යැවූ වට්ස්ඇප් පණිවුඩය මෙසේය.

හිතවත් මන්ත්‍රිතුමනි/තුමියනි
රටේ පවතින දැඩි වසංගත තත්වය හේතුවෙන් අගෝස්තු 19 දිනට සංවිධානය කර තිබුණු සාදය දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවිය. කල් දැමීම හේතුවෙන් යම් අපහසුතාවයක් සිදුවුණි නම් ඒ පිලිබඳ කනගාටු වෙමි.
උදය ගම්මන්පිල

Dear colleague,
I am reluctantly compelled to postpone the party to be held on 19th August, indefinitely due to the pandemic. I am sorry for any inconvenience caused.
Udaya Gammanpila


No comments:

Post a Comment

Post Bottom Ad