සතොසේ සීනි මෙට්‍රික්ටොන් 37ක් හොරා කලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 8, 2021

සතොසේ සීනි මෙට්‍රික්ටොන් 37ක් හොරා කලා !

වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛාවේ සීනි මෙට්‍රික්ටොන් 37 ක සොරකමක් සම්බන්ධයෙන් එම ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන ඇති බව සතොස උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් කලාප කළමණාකරු සහ වැලිසර ගබඩා සංකිර්ණයේ භාරකරුගේ වැඩ තහනම් කර එම දෙදෙනා අත්අඩංගුවට ගැනිම සදහා පොලිසි වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා කීය.

වෙන්නප්පුව කොස්ගස් හන්දිය සතොස ශාඛාව සාමාන්‍යයෙන් මසකට සීනි මෙට්‍රික් ටොන් 4ක් අළෙවි කරනු ලබන අතර පසුගිය සඳුදා මෙම ශාඛාවේ කළමනාකාරිනිය සාමාන්‍ය ඇණවුමට වඩා වැඩි සීනි ඇණවුමක් සතොස වැලිසර තොග ගබඩාවට යොමු කර තිබූණි.

අදාළ ඇණවුම ප්‍රවාහනය කරන ලද ලොරියේ පැවති සමස්ත සීනි තොගය ශාඛා ගබඩාවට ලබා ගැනීමකින් තොරව තුන්වන පාර්ශවයකට අයත් ලොරි රථයකට පටවා වෙනත් අළෙවිසලක් කරා රැගෙන යමින් තිබියදී සතොස විශේෂ විමර්ශන ඒකකය වෙන්නප්පුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව වැටලීම් සිදු ඇති බවත් එම නිලධාරියා කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad