මුදල් ලේකම් ආටිගලට කොරෝනා.. ඇමති බැසිල් පලමු පෙල ආශ‍්‍රිතයෙක්.. ලලිත් වීරතුංග, කිංස්ලි, සුදේවද ආශ‍්‍රිතයන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 8, 2021

මුදල් ලේකම් ආටිගලට කොරෝනා.. ඇමති බැසිල් පලමු පෙල ආශ‍්‍රිතයෙක්.. ලලිත් වීරතුංග, කිංස්ලි, සුදේවද ආශ‍්‍රිතයන් !

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා අවශ්‍ය සෞඛ්‍ය ක‍්‍රියාමාර්ග අනුගමනයට යොමු වී සිටි.

මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සමග ආසන්න දිනවල සාකච්චාවලට සහභාගී වී ඇති අතර ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ සුදේව හෙට්ටිආරච්චි, ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරුන් සමගත් ආසන්න දිනවල සාකච්චාවලට සහභාගී විය.

එමෙන්ම ඒ මහතා සමග අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් ඇතුළු ප‍්‍රභූන් ගණනාවක්ද මුණ ගැසී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad