අපේ ක්‍රීඩකයෝ ඔලිම්පික් යන්නේ ට්‍රිප් යනවා වගේ…සමහරු ඔලිම්පික් ගියේ සපත්තු දෙක ගෙදර තියල – නාමල් රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 5, 2021

අපේ ක්‍රීඩකයෝ ඔලිම්පික් යන්නේ ට්‍රිප් යනවා වගේ…සමහරු ඔලිම්පික් ගියේ සපත්තු දෙක ගෙදර තියල – නාමල් රාජපක්ෂ

ඔලිම්පික් යන ඇතැම් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඇත්තේ විනෝද චාරිකාවක් යාම ලෙස බැවින් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් දිනාගැනීම අපහසුවී ඇතැයි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ පවසයි.

ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී ඇමැතිවරයා මේ බව පැවසීය.

වෙනත් රටවල් ඔලිම්පික් සඳහා වසර 10ක 15ක සැලසුම් හදද්දී ශ්‍රී ලංකාවේ මාස හයෙන් හයට සැලසුම් වෙනස්කර ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

මෙවර ඇතැම් ක්‍රීඩකයින් ඔලිම්පික් ගොස් ඇත්තේ තම සපත්තු දෙක ශ්‍රී ලංකාවේ තබමින් යැයි ද නාමල් රාජපක්ෂ කීවේය.


No comments:

Post a Comment

Post Bottom Ad