ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු හා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 5, 2021

ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු හා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට !

කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල සිදු කිරීම, මිනී පෙට්ටියක් පුළුස්සා මාර්ගයට හානි කිරීම, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමය සභාපති අමිල සංදීප,ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම දෙදෙනාට අමතරව සෙසු පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෑන් රථවලින් කොළඹට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඔවුන් පිරිස් ප්‍රවාහනය කළ වෑන් රථ 3 ද පොලිස් භාරයට බාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

(ඉන්දිකා රාමනායක සහ සුමිත් ප්‍රේමතිලක)



No comments:

Post a Comment

Post Bottom Ad