ඇවන්ට්ගාඩ් සමාගමේ ව්‍යාපාර කටයුතු ඇරඹීමට කැබිනට් අනුමැතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

ඇවන්ට්ගාඩ් සමාගමේ ව්‍යාපාර කටයුතු ඇරඹීමට කැබිනට් අනුමැතිය

සමුද්‍රාරක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපෘතිය පෙර තිබුණු පරිදිම රක්නා ආරක්ෂක ලංකා සමාගමට සහ නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් සමාගමට යළි ලබා දීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. පෙරේදා (09) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාගේ නිර්දේශ ද සමඟිනි.

එහිදී නීතිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ වාණිජ නෞකා සඳහා ආරක්ෂක සේවා සැපයීමට පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑම සඳහා රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගම අතර ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය නීතියට පටහැණි නොවන බවය.

1950 අංක 34 දරන (සංශෝධිත) ශ්‍රී ලංකා නාවික හමුදා පනතේ ප්‍රතිපාදන අනුව නාවික හමුදාවට වාණිජමය කටයුතුවල නිරත වීමට අවසර ලබා දී නොමැති බවත් නීතිපතිවරයා පෙන්වා දී ඇති බව සඳහන් ය.

එසේ තිබියදී මෙම සමුද්‍ර ආරක්ෂණ සේවා සැපයීමේ වාණිජ ව්‍යාපෘතිය සහ පාවෙන අවි ගබඩාව 2015 වසරේ දී රජයට අයත් නාවික හමුදාව යටතට පවරා ගැනීම කිසිදු නීතියකට අනුකූල නොවන අතර කිසිදු නීතියකට අනුව සාධාරණීකරණය කළ නොහැකි බවත් පෙන්වා දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad