පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම - නඩුව අසා නිමවනතෙක් රිෂාඩ් බදියුදීන් ඇතුලට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 10, 2021

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම - නඩුව අසා නිමවනතෙක් රිෂාඩ් බදියුදීන් ඇතුලට !

ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊට අදාළ නඩුව නිමවනතෙක් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
සැකකාර මන්ත්‍රීවරයා ලබන 18 වනදා යලි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් පසුගිය අප්‍රේල් 24 අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසක දීය.

අනතුරුව ඔවුන් දෙදෙනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගයක් ලබාගත්තේය.


No comments:

Post a Comment

Post Bottom Ad