පසුගිය දිනවල කොළඹදී පැවති උද්ඝෝෂණවලට සහභාගි වූ පුද්ගලයන් සහ උද්ඝෝෂණය සංවිධානය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
උද්ඝෝෂන අවසන් කර නිවෙස් කරා යමින් සිටි විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙක් පසුගිය දිනවලදී අත්අඩංගුවට ගත් අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගත්තේ රූපවාහිනී සංවාදයකට සහභාගි වී නැවත යමින් සිටියදීය. ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
උද්ඝෝෂණවලට සහභාගි වූ පුද්ගලයන් සොයා කොළඹින් පොලිස් කණ්ඩායම් කිහිපයක් රටේ විවිධ ප්‍රදේශවලට යවා ඇති බවද වාර්තා වේ. පෑලියගොඩ පොලීසියේ පොලිස් කණ්ඩායමක් ඊයේ අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයට ගොස් ඇති අතර පසුගියදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පැවති උද්ඝෝෂණයට සහභාගි වූ විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.
එම ප්‍රදේශයේ පදිංචි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන්ගේ නිවෙස්වලට ගොස් ඇති පෑලියගොඩ පොලිස් නිළධාරීන් විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡායාරූප පෙන්වමින් ඔවුන්ගේ තොරතුරු විමසා ඇති අතර ඔවුන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ලබා දෙන්නැයි බලපෑම් කර ඇති බවද වාර්තා වේ.
WP NE 0811 දරන වාහනයෙන් අදාල පොලිස් කණ්ඩායම රාජාංගනය වෙත ගොස් ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මුව ආවරණ පවා නොපැළඳ පොලිස් නිළධාරීන් නිවෙස්වලට ගමන් කරන බවයි අපගේ ආරංචි මාර්ග පවසන්නේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment