මොලය බාගෙට මැරුනු නිලධාරීන් පාලනය කළොත් රට විශාල අනතුරක.. මහලු පුද්ගලයා එහෙම චක‍්‍රලේඛයක් ගැහුවේ කොහොමද? (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

මොලය බාගෙට මැරුනු නිලධාරීන් පාලනය කළොත් රට විශාල අනතුරක.. මහලු පුද්ගලයා එහෙම චක‍්‍රලේඛයක් ගැහුවේ කොහොමද? (video)

මොලය බාගෙට මිය ගිය නිලධාරීන් විසින් රට පාලනය කළොත් ඉදිරියේදී විශාල අභියෝගයට රටට ජනතාවට මුහුණ දෙන සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි. කොරෝනා ආසාදිතයන් එක්කෙනෙක් දෙන්නෙක් සිටියදී සම්පූර්ණයෙන්ම රට වසා දැමුවද අද විශාල වශයෙන් රෝගීන් හමුවද්දී රට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බවද ඔහු පැවසීය.

පවතින වසංගත තත්වය හමුවේ විශේෂඥ වෛද්‍ය මතයට කන් දෙන ලෙසද මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටියේය.

මහලූ පුද්ගලයකු වන ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් සියළුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවූ බවත් එය සිදු කළේ කුමන පදනමක් මතදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad