කොරෝනා මෘතදේහ භූමදානයෙන් ඔට්ටමාවඩි පිරී යයි.. අම්පාරේ තවත් භූමියක් සූදානම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

කොරෝනා මෘතදේහ භූමදානයෙන් ඔට්ටමාවඩි පිරී යයි.. අම්පාරේ තවත් භූමියක් සූදානම් කරයි

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයාගේ මෘත දේහ භූමදානය සදහා මඩකලපුව ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ වෙන් කර තිබූ භූමියේ ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එම භූමියේ තවත් භූමදානය කළ හැකිව ඇත්තේ මෘතදේහ 300ක පමණ ප්‍රමාණයක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් කොරෝනා මෘතදේහ භූමදානය සදහා අම්පාර දිස්ත්‍රික්කයේ තවත් භූමියක් තෝරාගෙන තිබේ.

මෙම නව භූමිය අක්කර තුනක ප්‍රමාණයත් ඇති බවත් එහි මෘතදේහ 2400ක් පමණ භූමදානය කළ හැකි බවත් ඔහු පැවසීය.

ඔට්ටමාවඩි සුසාන භූමියේ මේ වන විට මෘත දේහය 1470 භූමදානය කර ඇති බවද පැවසූ ඔහු ඉන් 1383 මුස්ලිම් ජාතිකයන්ගේ බවත් සෙසු දේහයන් අනෙක් ජාතිකයන්ගේ බවත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad