ඇමති රමේෂ්ගේ නිවසට ගෑස් සොයා ගිය කණිෂ්ක - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

ඇමති රමේෂ්ගේ නිවසට ගෑස් සොයා ගිය කණිෂ්ක - (video)

සමගි ජන බලවේගයට සම්බන්ධ තරුණ සමගි බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කනිෂ්ක ලැනරෝල් ගෑස් සොයා හිස් ටැංකියක් ද හිසේ තබාගෙන අද (12) වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණගේ නිවස වෙත ගොස් තිබෙනවා. ගාල්ල, කහදූව වත්ත හන්දියේ සිට පාගමනින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස වෙත ගිය ඔහු, තමන් ගෑස් සොයා පැමිණි බව නිවසේ සිටි අයට පවසා සිටියා.

අනතුරුව ඔහු පිටව යාමට සරසෙනවාත් සමගම “එන්න මහන්සි ඇතිනේ අපි තේ එකක් බොමු” යැයි රැස්ව සිටි පිරිස පැවසූ අතර, “නෑ….මම බොන්නේ පිටි විතරයි, ඒවත් නෑනේ.. කිරිපිටි ආපු දවසක එන්නම්” යැයි පවසමින්, තමා එහි පැමිණි බව අමාත්‍යවරයාට දන්වන ලෙස සඳහන් කරමින් යළිත් ගෑස් ටැංකිය කර මත තබාගෙන යන්නට ගොස් තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad