‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ශ‍්‍රී ලංකාවේත්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 28, 2021

‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ශ‍්‍රී ලංකාවේත්?

අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයකින් හඳුනාගෙන තිබෙන කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් තිබිය හැකි බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා කොරෝනා පරීක්ෂණ, ප්‍රභේද පරීක්ෂණ, නියැදි පරීක්ෂණ නිසි අයුරින් සිදු නොකරන බවයි.

එමෙන්ම විවිධ අවශ්‍යතා වෙනුවෙන් නීති රීති වෙනස් කිරීම නිසා දැනටමත් රට තුළට මෙම ප්‍රභේදය ඇතුළු වී ඇතැයි සහතික කළ නොහැකි බවත් ඔහු කියා සිටි.

ප්‍රභේද පරීක්ෂණ නිසි අයුරින් සිදු වීමත් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී කොරෝනා පරීක්ෂණ සිදු නොකිරීමත් හේතුවෙන් ඉදිරියේදී එම ප්‍රභේදය ඇතුළු වී ක්‍රමානුකූලව වර්ධනය විය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

නව ප්‍රභේදය රටතුල ඇති දැයි හඳුනා ගත හැක්කේ එය රැල්ලක් සේ වර්ධනය වී පාලනය කර ගත නොහැකි අයුරින් ආසාදිතයන් වාර්තා වූ පසු බවද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad