"සිලින්ඩරයක් දෙකක් පුපුරනවා ඇති" - ඔක්සිජන්වලට පසු ඇමතිගෙන් ගෑස් කතාවක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 28, 2021

"සිලින්ඩරයක් දෙකක් පුපුරනවා ඇති" - ඔක්සිජන්වලට පසු ඇමතිගෙන් ගෑස් කතාවක් (VIDEO)

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන අනතුරු කෙටි කාලයක් තුළ දී කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා.

ඊයේ (28) දිනයේ ද කෑගල්ල සහ ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් ගෑස් සම්බන්ධ අනතුරු දෙකක් වාර්තා වූවා.

මෙවන් පසුබිමක් තුළ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙම අර්බුදය සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් සිටිනවා.

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් කිහිපයකටම හේතු වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද ගෑස් අනතුරු සම්බන්ධයෙන් අදහස් පළ කොට සිටියා.

වෙළඳපොලෙහි ගෑස් හිඟයක් පවතින විට එය ඇතැම් පිරිස් රැල්ලක් කරගත් බවත්, ඉන් පසුව වෙළඳපොළට ගෑස් පැමිණි බවත් ඔහු පවසනවා.

ගෑස් වෙළඳපොළෙහි පවතින පසුබිමක අහඹු ලෙස සිලින්ඩරයක් හෝ දෙකක් පුපුරා යාමේ ඉඩ කඩ ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

“ගෑස් නෑ.. ගෑස් නෑ... ගෑස් නෑ…. කියලා රැල්ලක් වගේ හදාගෙන ගියා. දැන් ගෑස් තියෙන‍කොට ගෑස් සිලින්ඩරයක් දෙකක් පුපුරනවා ඇති”

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පවසන්නේ වෙනත් ආකාරයක හේතුවකින් ගින්නක් හටගත්ත ද ඇතැමුන් එය ගෑස් අනතුරක් ලෙස පෙන්වීමට උත්සහ දරන බව යි.

“දැන් සමහර වෙලාවට තමුන්ගේ ගෙදර පහන තියන්න ගිහිල්ලා ගෙයක් ගිනිගත්තාමත් ගෑස් සිලින්ඩරේ පිපුරුවා කියලා කියන්න තමයි උත්සහ කරන්නේ”



No comments:

Post a Comment

Post Bottom Ad