පොහොට්ටුව කරපු ලොකුම වැරැද්ද මෛත්‍රීපාලට නාමයෝජනා දීම! එතුමාට අපේ කිසිම කැමැත්තක් නෑ! එයාගේ ගැහිලි ගැන අපි දන්නවා! පසුපෙළින් මෛත්‍රීට උත්තර දීම අරඹයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 29, 2021

පොහොට්ටුව කරපු ලොකුම වැරැද්ද මෛත්‍රීපාලට නාමයෝජනා දීම! එතුමාට අපේ කිසිම කැමැත්තක් නෑ! එයාගේ ගැහිලි ගැන අපි දන්නවා! පසුපෙළින් මෛත්‍රීට උත්තර දීම අරඹයි!

අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන නමුත් එහි නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආදරයක් හෝ කැමැත්තක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ ශ්‍රීලනිපය සමග අපට ආත්මීය බැදීමක් ඇති නමුත් මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි එවැන්නක් නැති බවකි.

පොහොට්ටුව විසින් ඉකුත් මහමැතිවරණයේදී කළ බරපතළම වැරැද්ද වන්නේ මෛත්‍රීපාලට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා දීම බවද ඒ මහතා කියා සිටියේය.

‘අපි ශ්‍රී ලංකා එකට ආදරෙයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේනට අපේ එහෙම ආදරයක් කැමැත්තක් නෑ‍. පොහොට්ටුවයි එතුමායි එකතු වීමම අසම්මතයක්. හරි නම් පොහොට්ටුව පහුගිය මහමැතිවරණයේදී මෛත්‍රීපාලට නාමයෝජනා නොදිය යුතුව තිබුණා. එතුමාටත් පොහොට්ටුවෙන් ඉල්ලන්නෙ නැතිව ඉන්න තිබුණා. ඒකයි මුල්ම නොගැලපීම. ඒක කොයි පැත්තකින් බැලුවත් නොවිය යුතු දෙයක්. මම මේක කියන්නේ ‌වෛරයකින් නෙමෙයි. ඒක ජනසම්මතයට පටහැනියි.

අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ගැහිලි ගැන දන්නවා. ඒවා දැනගෙනත් නාමයෝජනා දුන් නිසා දැන් කරන්න දෙයක් නෑ. හැබැයි අපිට අනෙක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එක්ක ප්‍රශ්නයක් නෑ. නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර වගේ ඇමැතිවරුන්ට අපේ ගෞරවයක් තියෙනවා. අපේ කියන හැගීම තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ මෛත්‍රීපාල මහත්තයා එක්ක විතරමයි. එතුමත් ඒත තේරුම් ගත යුතුයි.

ආණ්ඩුව වැඩියෙන්ම ආරක්ෂා විය යුතු වන්නේ විපක්ෂයෙන් නෙමෙයි, ආණ්ඩුවේම පළමු පුටුවේ වාඩි වෙලා ඉන්න සිරිසේන මහත්තයාගෙන්. එතුමා ගිය ජනාධිපතිවරණයේදී අපිට උදව් කළේ නෑ. එතුමා ස්වාධින වෙලයි හිටියේ. සජිත්ගෙ පැත්තත් අල්ලගෙනයි හිටියෙ. එතුමා ඒක සූක්ෂ්මව කළා.’ යනුවෙන් ඒ මහතා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad