පසුගිය 13 දා වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 පස්වන පටුමගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සේ සැලකෙන දැනට ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටින ස.ජ.බ ආසන සංවිධායක නියෝමාල් පෙරේරාගේ පුත් එවාන් පෙරේරා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යාන්තර රතු වරෙන්තුවක් කැඳවීමට අවශ්‍ය පියවර ගැනීමට විමර්ශන අංශ තීරණය කර ඇත.
මේ සම්බන්ධව අධිකරණයට කරුණු දන්වා අදාල සියලු කටයුතු පෙළගස්වා ඇතැයි ද හැකි ඉක්මනින් එම වරෙන්තුව රැගෙන ඔහුව රටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බව ද විමර්ශන අංශ හෙළිදරවු කළේය.
එවාන් පෙරේරා වත්තල සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටින අතර මෙම සිද්ධියට මැදිහත් වී ඇතැයි විමර්ශකයෝ කියති.
නිවසට ගිනි තැබීම සඳහා පිරිස එක් කිරීම සංවිධානය කිරීම හා මෙහෙයවීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී ඇත.

No comments:
Post a Comment