රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේ... අරගලය ගැන රහස් රැසක් හෙළිකරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 31, 2022

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේ... අරගලය ගැන රහස් රැසක් හෙළිකරයි (VIDEO)

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී වී ඇති බව වාර්තාවෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව ඔවුන් මේ සඳහා සහභාගී වී ඇති බව සදහන්ය.

ඔවුන් දෙදෙනා විසින් අරගලය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කර ඇති අතර එළඹෙන අගෝස්තු මස 09 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති මහජන විරෝධතාවයන් පිළිබඳ කරුණු හෙළි කර ඇත.

රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් පසුගිය මාස කිහිපයක් තිස්සේ අරගලය සම්බන්ධයෙන් රැස් කර ගත් බුද්ධි තොරතුරු ඇසුරින් සඳහන් කර ඇත්තේ අරගලය පිටුපස අදෘශ්‍යමානව ක්‍රියාත්මක වන පිරිසක් සිටින බවය.

ඒ පිළිබඳ නම් කිහිපයක්ද ඔහු විසින් පවසන ලද බවද වර්තා වෙයි.

මේ අතර ඉකුත් මැයි මාසයේ රටතුළ සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලිය හේතුවෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරුන් විසින් ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කර ඇත.

වර්තමානයේ අරගලය සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වන අයුරින් ඉකුත් අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය අප්‍රසාදය පල කර ඇතැයිද සදහන්ය.

- lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad