ගෝඨාභය සමයේ ගෙනා “චීන පොහොර නැවට ගෙව්ව සල්ලිත් නෑ, පොහොරත් නැහැ” – ඇමති අමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 24, 2022

ගෝඨාභය සමයේ ගෙනා “චීන පොහොර නැවට ගෙව්ව සල්ලිත් නෑ, පොහොරත් නැහැ” – ඇමති අමරවීර

මතභේදයට තුඩු දුන් චීන කාබනික පොහොර නැවට මුදල් ගෙවීමෙන් ශ්‍රී ලංකාවට පාඩුවක් සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඊයේ (අගෝ. 24) පෙරවරුවේ පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, මේ වන විට මේ සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් සිදු වන බව ය.

චීනය සහ ශ්‍රී ලංකාව දුරස් වීමට මෙම පොහොර ගැටලුව හේතුවක් වූ බව ද අමරවීර මහතා එහිදී පැවසීය.

“ලක්ෂ 69ක ගෙවීමක් කරලා තියෙනවා. ඒක ඇත්ත. මම ආවට පස්සේ මේ පිළිබඳව කණ්ඩායම් ගෙනල්ලා සාකච්ඡා කරා. කොහොම ද මේ ගැටලුව විසඳගන්නේ කියලා. දැන් අපි පොහොරවලට සල්ලි දීලා තියෙනවා. දැන් අපිට සල්ලිත් නැහැ. පොහොරත් නෑ තත්ත්වයක් තියෙන්නේ තව ම. ඒ වගේ ම මේක විසඳා ගන්න පුළුවන් තත්ත්වයක් පේන්නත් නැහැ. අධිකරණ ක්‍රියාවලියකුත් මේකට යනවා. ඒක නිසා මේ අධිකරණය ලබා දෙන තීන්දුව ගැනත් අපි අවධානයෙන් ඉන්නේ.

ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන් සමග ගිය සතියේ සාකච්ඡාවක් පවත්වලා කිව්වා. මේ මුදලට පෙහොර ගන්නවා ද? මගේ පළවන උත්සහය වුණේ මේ මුදල අපිට ආපහු ගන්න පුළුවන් ද? කියන එක. නමුත් ඒක සාර්ථක වෙ බවක් පේන්න නැහැ. දෙවන උත්සහය දැරුවේ මේ වෙනුවට රසායනික පොහොර ගන්න පුළුවන් ද කියන එක. නමුත් ඒ දෙකට ම ඒගොල්ලෝ එකඟ වෙන්නේ නැහැ.”


No comments:

Post a Comment

Post Bottom Ad