නාමල්- ජොනී-රෝහිත-සනත් ගේ යෝජිත කැබිනට් ඇමතිකම් අලුත් ආණ්ඩුවත් අවුල් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 24, 2022

නාමල්- ජොනී-රෝහිත-සනත් ගේ යෝජිත කැබිනට් ඇමතිකම් අලුත් ආණ්ඩුවත් අවුල් කරයි!

නව කැබිනට් මණ්ඩලයට නාමල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා සනත් නිශාන්තගේ   නම් යෝජනා වීම සහ ඒ පිලිබඳව පක්ෂය  ඇතුළතින් මතුව ඇති අර්බුදයපොදුජන එක්සත් පෙරමුණ විසින් තවමත් නිරාකරණය  කර නොගැනීම නිසා නව ඇමති මණ්ඩලය  දිවුරුම්දීමේ කටයුතු දිනෙන් දින ප්‍රමාදවන තත්ත්වයක් ඇති වී තිබේ.

ජාතික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිවුරුම් දීමට සූදානම්ව පැවතුනත් ඉහත ගැටලුව නිසා   අවස්ථා කීපයක දී එය කල් දැමීමට සිදුවී ඇත.

අර්බුදය කඩිනමින් විසඳාගෙන පක්ෂයේ තීන්දුව දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉහත මන්ත්‍රීවරුන් සිව් දෙනා නව කැබිනට් මණ්ඩලයට පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ම නිර්දේශයක් මුලදී ජනපතිවරයා ඉදිරිපත් වී තිබේ. ගැටලුව වී ඇත්තේ  ඊට පොදුජන පෙරමුණේම මන්ත්‍රී කණ්ඩායමක් විරුද්ධ වීමෙන් පසු එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම දන්වන තුරු අත්හිටුවන ලෙස පොහොට්ටුව යළි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමත් සමගය.

මෙම පත් කිරීම්වලට එරෙහිවන කණ්ඩායම පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේ මෙවැනි පත්වීම් සිදුවීම පොහොට්ටුවේ දේශපාලන අනාගතයට යහපතක් නොකරන බවය.

- lankasara


No comments:

Post a Comment

Post Bottom Ad