අලුතින් ව්‍යවස්ථාවක් ගේන්න ඕන! 22 කට ආණ්ඩුවේ කවුරුත් ඡන්දය දෙන්නේ නෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 10, 2022

අලුතින් ව්‍යවස්ථාවක් ගේන්න ඕන! 22 කට ආණ්ඩුවේ කවුරුත් ඡන්දය දෙන්නේ නෑ!

රටට මේ මොහොතේ අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවතත් සංශෝධනය කිරීම නොව අලුතින් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සදහන් කරයි. 
“මම හිතන්නෙ ජනාධිපතිවරයා ඉතා නිවැරදි මගක ඉන්නවා මේ කාරණය සම්බන්ධයෙන්. ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිතුමාට ගේන්න ඕනෙ ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි මේ ගෙනැවිත් තියෙන්නෙ. මෙය කිසියම් හෝ පුද්ගලයින්ගේ අවශ්‍යතාවයක් මත ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයක්.

ගරු ජනාධිපතිතුමා ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙන අවස්ථාවක, මේ රටේ ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා ප්‍රකාශයක් කරලා තියෙන අවස්ථාවක මං හිතන්නෙ අපි කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දීමයි. අපි පක්ෂයක් හැටියට ඉන්න මතය වෙන්නෙත්, අපි පාර්ලිමේන්තුවක් හැටියට සිදුකළ යුතු වෙන්නෙත් ඒ නව ව්‍යවස්ථාව ගෙනැවිත් එම ව්‍යවස්ථාව විවාදයට ලක්කරලා ඉන්පසු එම නව ව්‍යවස්ථාව රටට හඳුන්වා දීම.

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයකට යන්න ජනාධිපතිතුමා අදහස් කරනවා නම් එක්වරම නව ව්‍යවස්ථාව සහ ඡන්ද ක්‍රමය ගැන ජනමත විචාරණයකට ගිහිල්ලා මේ රටට ඉදිරියට යන්න පුළුවන්”

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තමා දන්නා තරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්දය නොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් තවදුරටත් සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad