පොහොට්ටුවේ ප්‍රබලයෙකු චරිත හේරත්ගෙන් සහය ඉල්ලයි – කෝප් කමිටුව එන්නත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 12, 2022

පොහොට්ටුවේ ප්‍රබලයෙකු චරිත හේරත්ගෙන් සහය ඉල්ලයි – කෝප් කමිටුව එන්නත් කියයි

දූෂණය පිටුදැකීමේ නව නීතිපති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් ඒ යටතේ කෝප් කමිටුවට හිමි බලතල ඉහළ යනු ඇති බවත් කෝප් කමිටුවේ සභාපති මහචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා. 
දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තුළ වංචාව දූෂණය පිටු දැකීම සම්බන්ධව දීර්ඝ ලෙස කතා කළත් ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුව ප්‍රමාණවත් ආකාරයට සකස්කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

උඩුනුවර වැලිගල්ල ප්‍රදේශයේදී මහජන බැංකුවේ ස්වයං සේවා ශාඛාවක් ඊයේ (11) විවෘත කළ අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

දැනට පවතින නීතිරීතී යටතේ පසුගිය අවුරුදු 75 පුරාම වංචා දූෂණ සිදුව තිබෙන බවත් ලෝකයේ සෑම රටකම කලින් කලට නීතිමය රාමුව වෙනස් වන බවත් හෙතෙම කියා සිටියා.

ජාත්‍යන්තරය ඉදිරියට යනවිට වංචා දූෂණ පිටු දැකීම සඳහා පවතින නීති ශක්තිමත් කර තිබීම රටක් ලෙස අපිට වැදගත් බවත් අප කටයුතු කරන්නේ මේ ආකාරයට කියන කාරණය ජාත්‍යන්තරයට පෙන්විය යුතු බවත් ඒ මහතා සඳහන් කළා.

රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමව වැඩිකර ගැනීමටත් මෙමගින් අවකාශ සැලසෙන බවද සභාපතිවරයා පැවසුවා.

වංචා දූෂණ පිටුදැකීමේ නව නීති සම්මත වීමත් සමඟ වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කිරීමට කෝප් කමිටුවට හැකියාව ලැබෙන බවද මහචාර්යවරයා අවධාරණය කළා.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය කාලය තුළ වංචා දූෂණ රැසක් පිළිබඳව හෙළිදරව් කළ බවත් එම වංචා දූෂණ හා සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීම සඳහා කමිටුවට පැමිණෙන ලෙස හා සහාය ලබා දෙන ලෙස ආරාධනාවක් කිරීමට කෝප් කමිටුව තීරණයක් ගෙන තිබෙන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නා.

වංචා දූෂණ වලට අදාළ ෆයිල් ජනතාවට පෙන්වමින් නොසිට අනුර කුමාර දිසානායක මහතා කළ යුත්තේ නීතිඥයෙකු මගින් ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීම බවත් නැතහොත් සිදුවන්නේ තවත් වසරක් යනවිට ඊටත් වඩා ලොකු ෆයිල් මිටිය විශාල වීම පමණක් බවත් ඒ මහතා කියා සිටියා.

කෝප් කමිටු සභාපති වශයෙන් සෑම විටකම තරාතිරම නොබලා අපක්ෂපාතිව කටයුතු කරන බවයි හෙතෙම වැඩි දුරටත් පැවසූවේ.

මහනුවර – කමල් සුරවීර


No comments:

Post a Comment

Post Bottom Ad