ඉදිරියේදී රාජපක්ෂලා නැති ජනාධිපතිවරණයක්! නාමල් රනිල් එක්ක සාකච්ඡාවට සූදානම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 23, 2022

ඉදිරියේදී රාජපක්ෂලා නැති ජනාධිපතිවරණයක්! නාමල් රනිල් එක්ක සාකච්ඡාවට සූදානම්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇතැයි වාර්තා වනවා. 
එහිදී 2024 ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ 2024 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට තරඟ කිරීමට රාජපක්ෂවරයෙකු සිටීදැයි කිව නොහැකි බවයි.

ඒ තරමටම රාජපක්ෂවරු දේශපාලනයෙන් ඈත් වී ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළ යුතු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොහොට්ටු මන්ත්‍රීවරුන් සමඟ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහ අපනයනකරුවන්ට සහන ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

මේ අවස්ථාවේදී තමන් ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා නොගන්නා බවත් දැන් කළ යුතු හොඳම දේ බිමට ගොස් ජනතාවගේ ප්‍රශ්න විසඳීම බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් අසාධාරණයට ලක්වූ ජනතාවට සහන ලබා දීමට ද කටයුතු කළ බවද රාජපක්ෂවරු සමඟ තිබෙන තරහ ඉන් පසුව අවසන් වී යනු ඇති බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දුන් බව වාර්තා වනවා.

- asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad