කංචනගේ තෙල් සංස්ථාව මාර නීතියක් ගෙනෙයි! මීට පස්සේ සේවක රැස්වීම් තියනවා නම් අවසරය ගන්න ඕනලු! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 24, 2022

කංචනගේ තෙල් සංස්ථාව මාර නීතියක් ගෙනෙයි! මීට පස්සේ සේවක රැස්වීම් තියනවා නම් අවසරය ගන්න ඕනලු!

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ මින් ඉදිරියට සේවක රැස්වීම් පැවැත්වීම සඳහා මානව සම්පත් හා පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබාගත යුතු බවට දැනුම් දී තිබෙනවා. 
මානව සම්පත් කළමනාකාරවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රාජකාරී වේලාව තුළ සේවක රැස්වීම පැවැත්වීම, සාමූහිකව ඔබමොබ යමින් රැස්වීම් පැවැත්වීම, කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පූර්ණයෙන්ම තහනම් අර ඇති බවයි වාර්තා වන්නේ.

සාමූහිකව හා කුඩා කණ්ඩායම් රැස්වීම හේතුවෙන් සංස්ථාවේ රාජකාරී කටයුතුවලට බාධාවක්වේ නම් අංශ ප්‍රධානියා විසින් ඒ බව ආරක්ෂක අංශයට දැනුම් දිය යුතු බවයි මානව සම්පත් කළමනාකාරවරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

හදිසි රැස්වීම් විසිරවීමට ආරක්ෂක අංශයට බලතල ලබාදී ඇති අතර, ආරක්ෂක අංශයට එය පාලනය කළ නො හැකි නම් පොලිස් ස්ථානය දැනුවත්කර අත්‍යවශ්‍ය සේවාවක් වන ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අඛණ්ඩව පවත්වා ගත යුතු බව ද දන්වා තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad