"මොළ හතාණෝගේ දත් අපි ගැලෙව්වා...පුළුවන් නම් කොළඹින් ජන්දෙට එන්න" – සජිත්ගෙන් අභියෝගයක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 24, 2022

"මොළ හතාණෝගේ දත් අපි ගැලෙව්වා...පුළුවන් නම් කොළඹින් ජන්දෙට එන්න" – සජිත්ගෙන් අභියෝගයක් (VIDEO)

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මඟින් මොළ හතාණෝගේ දත් ගලවා දැමීමට හැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 
කෙසේවෙතත් ඔහු නැවත ලංකාවට පැමිණෙන බවත් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගැනීමට සූදානමින් පසුවන බවටත් දැනගන්නට ඇති හෙයින් හැකි නම් කොළඹින් ජන්දයට ඉදිරිපත්වන ලෙස තමන් අභියෝග කරන බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

ඒ අනුව පියවරෙන් පියවර රාජපක්ෂ ආධිපත්‍ය ජන බලයෙන් ඉවත්කරන බව හෙතෙම කියා සිටියි.

කෙසේවෙතත් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ රාජපක්ෂලා නිසා නොව සමඟි ජන බලවේගය නිසාවෙන් බව ජනාධිපතිවරයාද දැනගත යුතු වන බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad