ලපයා මට හරක් හොරා කියනවා... උඹේ ෆයිල් ගල් නොකර ඔප්පු කරපන් – විජිතමුණි සොයිසා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 23, 2022

ලපයා මට හරක් හොරා කියනවා... උඹේ ෆයිල් ගල් නොකර ඔප්පු කරපන් – විජිතමුණි සොයිසා

දුප්පත් ජනතාවට බෙදීමට ගෙන ආ හරක් තමා ගත්තේ යැයි ලපයා චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

ඒ පිළිබඳ ෆයිල් තිබේ නම් ඒවා ගල් ෆයිල් නොක කයිවරු නොගසා ඕනෑ ම උසාවියකට යන ලෙස අනුර දිසානායක අභියෝග කරන බවයි, ඔහු අවධාරණය කළේ.

උසාවිය ඉදිරියට ගොස් තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සූදානම් බව ද විජිතමුණි සොයිසා ප්‍රකාශ කළේය.

අනුර දිසානායක චන්ද්‍රිකා ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ලෙස කොළඹ සිට කටවුට් ගසා රජයේ විශාල මුදලක් කාබාසිනියා කොට මහා උත්සවයක් පවත්වා කිරිකෑන් 04ක් බෙදු බවට ද ඔහු චෝදනා කළේය.

ඌව මහ ඇමැතිවරයා ලෙස තමන් ද ඒ උත්සවයට සහභාගී වී කිරි වීදුරුවක් පානය කොට ගෙදර ගිය බව ද විජයමුණි සොයිසා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad