“දරුවන් ප්‍රාණ ඇපයට අරගෙන දෙමව්පියෝ අරගලවලට යනවා – දරුවන්ගේ වගකීම දෙමව්පියන් භාරගත යුතුයි” - ඩෑන් ප්‍රියසාද් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 10, 2022

“දරුවන් ප්‍රාණ ඇපයට අරගෙන දෙමව්පියෝ අරගලවලට යනවා – දරුවන්ගේ වගකීම දෙමව්පියන් භාරගත යුතුයි” - ඩෑන් ප්‍රියසාද්

දරුවන්ව පලිහක් කරගත් දෙමව්පියෝ ඊයේ දිනයේ ගාලු මුවදොර විරෝධතාවයක නිරත වූ බවත් මෙම විරෝධතාවයට දරුවන් රැගෙන ආවේ සැලසුම් සහගතව බවත් 9 වෙනි සේනාංකයේ නායක ඩෑන් ප්‍රියසාද් මහතා පවසනවා. 
ඒ පෙරේදා ගාලු මුවදොර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

ඩෑන් ප්‍රියසාද් මහතා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දක්වා සිටියා,

“දරුවෝ අරගෙන දරුවන් පලිහක් කරගෙන සටන් වලට දෙමව්පියෝ එනවා. දරුවන් ප්‍රාණ ඇපයට අරගෙනයි දෙමව්පියෝ මේ විදිහට අරගලයට ආවේ. දරුවන්ට ප්‍රශ්නයක් වුනොත් ඒකෙන් ජාත්‍යන්තරයට දේශපාලන අරමුණු ඇතිව පණිවිඩ දෙන්න උත්සාහ කරනවා. ඇතැම් කණ්ඩායම් මානව හිමිකම් සහ ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කරන්න ගිහින් තියෙනවා. නමුත් වෛද්‍යවරු කියන්නෙ දරුවාට කිසිම ප්‍රශ්නයක් නැති බවයි. අරගල භූමිවලට දරුවන් අරගෙන එන්නේ සැලසුම් කරලා. ළමයින්ට යම් කිසි දෙයක් සිදුවුණොත් ඒකෙන් වාසි ගන්නයි මේගොල්ලෝ බලන්නේ. දරුවෝ එක්ක ඇවිත් දරුවෝ කරේ තියාගෙන වැරදි වැඩ කරනවා. දරුවො බලෙන් අරගෙන එන්නේ මේ අය ඒගොල්ලෝ ඒ වගකීම ගන්න ඕනේ. දරුවන්ව මේ වගේ තැන් වලට අරගෙන එන දෙමව්පියන්ටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.”


No comments:

Post a Comment

Post Bottom Ad