ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නේ? මැතිවරණ කොමිසම පැහැදිලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 23, 2022

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නේ? මැතිවරණ කොමිසම පැහැදිලි කරයි

අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමේ හැකියාවක් නොමැත. 
කෙසේවෙතත් කිසියම් අයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු ද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම අවස්ථාවේ දී සිදුකළ යුත්තේ තමන් ද්විත්ව පුරවැසියෙකු නම් වහාම මන්ත්‍රීධුරයෙන් ඉවත් වීම බව ද එම කොමිසම සඳහන් කළේය.

මැතිවරණයක් අවස්ථාවේ නාම යෝජනා භාරගැනීමේ දි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන අතර යම් පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ හොත් පමණක් අවශ්‍ය ක්‍රියමාර්ග ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යය චරිත හේරත් මහතා පවසන්නේ නීති පැනවීමට පෙර ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සිටින්නේ නම් සිය ධුරවලින් ඉවත් වීමට වහාම පියවර ගත යුතු බවය.


No comments:

Post a Comment

Post Bottom Ad