ධනුෂ්කට අදත් ඇප නෑ! ලංකාවෙනුත් තහනමක්! | Danushka Gunathilaka - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 7, 2022

ධනුෂ්කට අදත් ඇප නෑ! ලංකාවෙනුත් තහනමක්! | Danushka Gunathilaka

ධනුෂ්කට අදත් ඇප නෑ
ලංකාවෙනුත් තහනමක්  

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි අධිකරණ විනිසුරු රොබට් විලියම්ස් අද(07) ප්‍රතික්ෂේප කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැකකරු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ධනුෂ්ක ගුණතිලක මහතා ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

ධනුෂ්ක ගුණතිලක මහතා වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් මහතා පෙනී සිටියේය.

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නගරයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස අධිකරණය නියෝග කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුශ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තහනම පැනවීමට කටයුතු කර ඇත.

ආයතනයේ සභාපති ශම්මිද සිල්වා මහතා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අධිකරනයෙන් ලැබෙන තීන්දුව මත ඔහුගේ ක්‍රිකට් අනාගතය තීන්දු වනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad