ඡන්ද ගැසට් එක ගහන්න ඉන්නේ 5 වැනිදා! 17 වැනිදාට කැඳවන්න තිබූ පාර්ලිමේන්තුව හදිසියේම 5 වැනිදාට කැඳවයි! ආණ්ඩුව ඡන්දෙ කල්දාගන්න අන්තිම ගේම ගහන්නද ලෑස්ති වෙන්නේ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 30, 2022

ඡන්ද ගැසට් එක ගහන්න ඉන්නේ 5 වැනිදා! 17 වැනිදාට කැඳවන්න තිබූ පාර්ලිමේන්තුව හදිසියේම 5 වැනිදාට කැඳවයි! ආණ්ඩුව ඡන්දෙ කල්දාගන්න අන්තිම ගේම ගහන්නද ලෑස්ති වෙන්නේ?

2023 ජනවාරි පස් වෙනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස් කරන බවයි වාර්තා වෙන්නේ. එලෙස රැස්වීමට තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමකින් අනතුරුව යි.

ජනවාරි 17 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ නිවාඩු කාලය දීර්ඝවීම සලකා 5 වැනිදා පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කළ බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ. ජනවාරි 05 වැනිදාට නියමිතව තිබෙන්නේ පසුගිය දිනවල විවේචනයට ලක්වූ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සහ ඡන්දය යි.

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ ජනවාරි 05 වැනිදාට පළාත් පාලන මැතිවරණය කැදවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සූදානමින් සිටින බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad