කොළඹ බලය අල්ලන්න සූදානම්.. ස්ථිරවම අල්ලනවා..- අරගල නායක ධනිෂ් අලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 27, 2022

කොළඹ බලය අල්ලන්න සූදානම්.. ස්ථිරවම අල්ලනවා..- අරගල නායක ධනිෂ් අලි

එළඹෙන මැතිවරණය සඳහා අරගලය නියෝජනය කරමින් අලුත් බලවේගයක් බිහි කරන බව අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වූ ධනිෂ් අලි සඳහන් කරයි.

ඒ හරහා කොළඹ බලය ස්ථිර වශයෙන්ම අල්ලන බව ද හෙතෙම පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් දී පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මෙම අදහල් පල කරන ලදී.

පසුගිය කලහකාරී සිදුවීම්වල දී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔවුන් රහස් පොලිසියට අද කැඳවා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad