ගෙල වැලලා මිය ගිය තරුණියකට පණ ගත්තේ නැතැයි වෛද්‍ය පාලිත රාජපක්‍ෂට පහර දෙති… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 2, 2023

ගෙල වැලලා මිය ගිය තරුණියකට පණ ගත්තේ නැතැයි වෛද්‍ය පාලිත රාජපක්‍ෂට පහර දෙති…

බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී පාලිත රාජපක්ෂ මහතාට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ දිනයේ ගෙල වැලලා ගත් තරුණියක් එම රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි අතර වෛද්‍යවරුන් සඳහන් කරන්නේ රෝහලට රැගෙන ඒම පමා වීම නිසා ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවයි.
මේ බව පැවසීමත් සමග කුපිත වූ පිරිස් රෝහල තුල කලහකාරීව හැසිරෙමින් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට පහර දී තිබේ.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයා විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකරුවන් තිදෙනෙක් ඒ අනුව අත්අඩංගුට ගෙන තිබේ.

මෙම පහර දීමට විරෝධය පළ කරමින් අද දහවල් බදුල්ල මහ රෝහල ඉදිරිපිට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය විරෝධතාවයක නිරත වූහ.

පාලිත රාජපක්ෂ මහතා දැනට දින කිහිපයකට හදිසි අනතුරකට ලක්ව රෝහල්ගත කරන ලද කිහිප දෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා කොට කලිසමකින් සැරසී මැදියම් රාත‍්‍රියේ රෝහලට පැමිණීම සම්බන්ධයෙන් සමාජ ජාලවල ඉහහත් ප්‍රසාදයක් හිමි විය.

No comments:

Post a Comment

Post Bottom Ad