ඇමරිකාවට යන්න ඩුබායි ඉන්න හිටපු ජනාධිපති ගෝඨාට වෙච්ච අකර තැබ්බය | Gotabaya Rajapaksa - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 2, 2023

ඇමරිකාවට යන්න ඩුබායි ඉන්න හිටපු ජනාධිපති ගෝඨාට වෙච්ච අකර තැබ්බය | Gotabaya Rajapaksa

ඇමරිකාවට යන්න ඩුබායි ඉන්න හිටපු ජනාධිපති ගෝඨාට වෙච්ච අකර තැබ්බය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඩුබායි ගුවන්තොටුපොළේදී විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ ඩුබායි ගුවන්තොටුපොළේ විශේෂ ප්‍රභූ පර්යන්තය නොමිලේ භාවිතා කිරීමට රාජපක්ෂ මහතා ඉල්ලා තිබුණද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඩුබායි බලධාරීන් පියවර ගෙන තිබිණ.

එහිදී ගුවන්තොට බලධාරීන් දැනුම් දී ඇත්තේ ඊට අදාළ මුදල රාජපක්ෂ මහතා විසින් ගෙවිය යුතු බවකි.ඒ අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් 260,000ක් ගෙවන ලෙස ගුවන්තොට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ ඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියි.

ඒ මහතා ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව යාමට යනු ඇතැයි මුලින් වාර්තා වූ නමුත් ඇමරිකාවට යාම සඳහා ඔහුට විසා නොතිබිණි.

මෙම තත්ත්වයන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ ඔහුට නැවතත් එක්සත් ජනපද පුරවැසිභාවය ලබා දෙන ලෙසයි.

පසුගිය ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතහැර දමන ලද ඇමරිකානු පුරවැසිභාවය නැවත ලබාදෙන්නැයි කරන ලද ඉල්ලීම මෙතෙක් එරට විසින් යළි සලකා බලා ඇතැයිද වාර්තාවේ සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad