නව සන්ධානයේ අවුලක්? ශ්‍රීලනිපය වෙනම ගමනකට තීන්දුවක් ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 15, 2023

නව සන්ධානයේ අවුලක්? ශ්‍රීලනිපය වෙනම ගමනකට තීන්දුවක් ගනී!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම පිළිබඳ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වූ කණ්ඩායම් විසින් පසුගියදා පිහිටුවා ගත් නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්ව පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමටයි. 
ඒ පිළිබඳ අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසූවේ කොළඹ, පුත්තලම, අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් වෙනම තරඟ කරන බවයි.

නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට අවස්ථාව නොලැබීම හා එම සන්ධානයේ සාමාජිකත්වය දරණ ඇතැම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පාක්‍ෂිකයන්ගෙන් එල්ල වී ඇති විරෝධය ආදී කරුණු සලකා සන්ධානයේ රැඳී සිටින්නේ ද නැද්ද යන්න ගැන පක්‍ෂය සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.

එබැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමට අවශ්‍ය වුවහොත් පක්‍ෂය ඒ සඳහා සූදානම් බව ද ගුණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

- ඒෂියන් මිරර්


No comments:

Post a Comment

Post Bottom Ad